
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’
යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
කොළඹ වරායට ලඟාවු මෙම ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද
නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව
පිළිගනු ලැබුවා.
‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නියාමත්
සයීඩ් ඛාන් (NIAMAT SAEED KHAN0 කටයුතු කරන අතර, ‘PNS ASLAT’
නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් නදීර් මාටීන් අෆ්ර්ඩී (NADIR
MATEEN AFRIDI) කටයුතු කරනු ලබනවා.
තවද, එම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ද්විපාර්ශ්වික නාවික
අභ්‍යාසයක (Bilateral Naval Exercise LION STAR V) නිරත වීමටද
නියමිතයි.