2026 FIA Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් සමත්ව තිබෙනවා.
ඒ, AIX රේසිං කණ්ඩායම සමග ඔහු ලබන වසරේ තරගාවලිය සඳහා අත්සන් කිරීමත් සමඟයි.
යෙවාන් ඩේවිඩ් දැනට යුරෝෆෝමියුලා ඕපන් ශූරතාවලියට තරග කරන අතර, එහිදී ඔහු මේ වනවිට ජයග්රහණ 4ක් සහ අමතර ලකුණු 5ක් ලබාගෙන තිබෙනවා.
ඔහු අගෝස්තු මස මුලදී GB3 හි හොඳම 10 දෙනා අතරට පැමිණීමට ද සමත් වුණා.
ඊට පෙර, ඔහු 2024 වසරේදී යුරෝකප්-3, ස්පාඤ්ඤ F4 සහ UAE F4 ශූරතා සඳහා ද තරග කර තිබෙනවා.