කෝටි 998 ට ආසන්න මුදලක් වංචා කළ යොවුන් ලංකා සමාගමේ අයිතිකරු ධම්මික අතපත්තු නුවර ප්‍රදේශයේ සැඟව සිටියදී අපරාධ විමර්ශන අංශයේ වාණිජ හා මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන අද දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් පළවෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙහිදී විශාල පිරිසක් උසාවියට පැමිණ ඔහුට උසාවියෙන් කුමන නියෝගයක් ලැබේ ද යන්න විමසිලිමත්ව අධිකරණයේ රැඳී සිටින ලදී.

ධම්මික අතපත්තු මහතා අධිකරණයෙන් වාරිපොල බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැනකින් ඔහුට බන්ධනාගාරයෙන් උදව් ලබා දීම සඳහා හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ මහතාගේ ගෝලයෙකු බන්ධනාගාර ගේට්ටුව අසල සිටියදී අප වාර්තාකරුට හසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here