නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා මෙම මස 26 වෙනි දින දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණා.
ඒ වැඩ බලන මහේස්ත්‍රාත් සුනිල් හෙට්ටිආරච්චි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකාර චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම චීවරධාරියාව කළගෙඩිහේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
බුදු දහම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කරමින් සහ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක හැසිරීම් සිදු කළ විශ්ව බුද්ධ නම් පුද්ගලයා මීට පෙර ද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
නමුත් මොහු අධිකරණයේ අවවාද නොතකමින් සුපුරුදු ලෙස හැසිරෙන බව පවසා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරිණි.
(දමිත් වානගුරු කොළඹ)