හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකුව හා උඩතලවින්නේ ඝාතනයේ දෙවන සැක හිටපු යුධහමුදා සෙබළෙකුට අතින් පයින් පොලුවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තෙබුවන, තලහිටිය, බේගමුව ප්රදේශයේ කුලී පදනම මත පදිංචි වැඩ තහනමට ලක්ව සිටි සාජන් මේජර් ශානක කුරුප්පු ආරච්චි නැමැති 51 හැවිරිදි පුද්ගලයෙක් බව තෙබුවන පොලිසිය පවසයි.
මෙසේ පහරදීමට හේතුව වී ඇත්තේ උඩුවර ප්රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු විදේශ ගත කරන බවට පොරොන්දු වී වෙනත් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 8ක මුදලක් ලබා දීමට මොහු මැදිහත් කරු වශයෙන් කටයුතු කර ඇති බවත් එම මුදල් ලබාගත් එම පූද්ගලයා කලකට පෙර අතුරුදන් වී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මුදල් ලබාදුන් පුද්ගලයින් දෙදෙනා තවත් පුද්ගලයකු සමග පසුගිය ( 3 )දා සැකකරුගේ නිවසට 2.30 පමන ගොස් අතින් පයින් සහ පොලු වලින් පහරදී පැහැරගෙන ගොස් අඟුරුවාතොට මෝටාව ප්රදේශයේ නිවෙසක් ඉදිරිපිට දමා ගොස් ඇත.
පසුව මේ පිළිබඳව ප්රදේශවාසින්ගෙන් 119 ලැබුන දුරකථන ඇමතුමක් අනුව සහ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ තෙබුවන පොලිස් නිළධාරීන්ට ලබාදුන් දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස් කණ්ඩායමක් උඩුවර මෝටාව ප්රදේශයට ගොස් පහර කා සිටි පුද්ගලයා ගල්පාත ප්රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
ගල්පාත ප්රාදේශීය රෝහල් නිලධාරීන් ඔහුගේ තත්ත්වය බරපතල බැවින් හොරණ දිස්ත්රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී (5)දින මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.මිය යන විට දෙදරු පියෙකි.
මේ වනවිට පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු පොලීසියට භාරවී ඇති අතර එක් අයෙකු ප්රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අනෙක් පුද්ගලයා පහර දුන් පුද්ගලයාව යතුරුපැදියක දමාගෙන යන අවස්ථාවේ යතුරුපැදියෙන් බිමට වැඩියි දත් කැඩී තොල ප්රදේශය තුවාල වී රෝහලක ප්රතිකාර ලබන බව තොරතුරු අනාවරණය කරගෙන ඇත.ඔවුන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදු කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ගෝඨාභය මහතා ආරක්ෂා ලේකම්ව සිටියදී ඔහුගේ ආරක්ෂකයෙකු ලෙස සේවය කරන අතර තුර ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා ඉලක්ක කරගන්නෙමින් Ltte සංවිධානය විසින් එල්ල කල ගැස්පා පිත්තල හංදියේ බෝම්බයට හසුවී තුවල ලබා ශරීරයේ බෝම්බය කොටස් දෙකක් මේ වනවිටත් ඇති බව අනාවරණය වී ඇත.
ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති සමයේ අනුරුද්ධ රත්වත්තේ සමග උඩතල වින්න පුද්ගල ඝාතන නඩුවේ දෙවන ප්රධාන සැකකරු ලෙස සිට අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර ඇති පුද්ගලයෙක් බවත් මීට මාස කිහිපයකට පෙර නැවත සේවයේ පිහිටවීම සඳහා ලිපිය ද ලැබී ඇති බව බිරිඳ පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය කළුතර වැඩබලන මහේස්ත්රාත් හිමාස් ලියනාරච්චි මහතා විසින් සිදු කරන ලදී.
කළුතර අපරාධ පරීක්ෂණාගාර නිළධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් තෙබුවන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. රාජරත්න මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
(ගල්පාත චන්දන පෙරේරා)