
අද (නොවැම්බර් 21) පස්වරුවේ බලංගොඩ, බැංකියාවත්ත ප්‍රදේශයේදී තාවකාලිකව ඉදිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් ඊට යටවූ හත් හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අල්මිනාරා විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෙල්වරාජ් රවිඳු රක්ෂාන් නමැති දරුවෙකි.
දරුවාගේ මව මිදුල අතුගා කසළ ඉවත් කර නැවත පැමිණෙන අවස්ථාවේදී තාප්පයට යටවී සිටි සිය පුත්‍රයා දැක ඇති බව වාර්තා වේ.
අනතුරුව දරුවා වහාම ත්‍රිරෝද රථයකින් බලංගොඩ මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් සඳහන් කර ඇත.
මෘත ශරීරය බලංගොඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (22) සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.