
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා (H.E. Mr. Sihasak Phuangketkeow) නිල සංචාරයක් සඳහා අද (21) ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිතය. එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.
මෙම සංචාරයේ සුවිශේෂී වැදගත්කමක් වන්නේ දෙරටේ සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී තිබීමයි. එමඟින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරක කටයුතු ඇතුළු දෙරට අතර හුවමාරු අවස්ථා පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික හා බෞද්ධ සබඳතාවල ශක්තිමත්භාවය මෙම සංචාරය තුළින් යළිත් තහවුරු වන අතර, වෙළෙඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය සහ විදේශ රැකියා යන ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද නව අවස්ථා උදා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.