
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටින මේජර් ජෙනරල් (විශ්‍රාමික) සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී, වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නම්කර තිබෙනවා.
ඒ, විශේෂඥ අධිකරණ වෛද්‍යවරු සහ විශේෂඥ මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන ලෙසයි.
එහිදී නියෝග කෙරුණේ, ඊළඟ නඩු දිනයට පෙර සැකකාර සුරේෂ් සලේ මෙම පරීක්ෂාවට ලක් කළ යුතු බවයි.
එම වෛද්‍ය පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කරන ලෙසට ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් නියෝග කළා.