
අල්ලස් කොමිසම මඟින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සම්බන්ධයෙන්, පක්ෂය විනය පරීක්ෂණයක් පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
චරිත් අබේසිංහ සම්බන්ධයෙන් පක්ෂය අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කරනවාද යන්න, අධිකරණ අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගෙන් විමසන ලදී.
ඊට පිළිතුරු වශයෙන් විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේ, අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වන බවත් පක්ෂය තුළ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම ඉඩක් නොමැති බවයි.