
එළඹෙන 29 වන දිනට (ජූනි 29) යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය සහ මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා, සාමාන්‍ය දුම්රිය සේවාවට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
එසේම, පොසොන් ආගමික වතාවත්වලට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව සඳහා අනුරාධපුරය සහ මිහින්තලය දුම්රිය ස්ථාන අතර නොමිලේ දුම්රිය ප්‍රවාහන සේවාවක් ද පහත පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති.
2026/06/28 – පෙ.ව. 7.00 සිට ප.ව. 11.50 දක්වා ගමන් වාර 16ක්
2026/06/29 – පෙ.ව. 12.30 සිට ප.ව. 10.40 දක්වා ගමන් වාර 20ක්
2026/06/30 – පෙ.ව. 12.30 සිට ප.ව. 1.10 දක්වා ගමන් වාර 16ක්
මේ සම්බන්ධ වැඩි විස්තර සඳහා 1971 කෙටි දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.


