
දිට්වා ආපදා තත්ත්වය නිසාවෙන් හානියට ලක් වූ දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්රතිසංස්කරණය කිරීම ආරම්භවී තිබේ.
ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සතුව පවතින සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යංශයේ තාක්ෂණික සහය ලබා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම ඊයේ දින (22) කොළඹ දී සිදු කෙරිණ.
ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව වෙනුවෙන් කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා ,මහවැලි උපදේශක කාර්යංශය වෙනුවන් ප්රධාන විධායක නිලධාරි චන්දන එදිරිසූරිය මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදී.
එමෙන්ම වාරි මහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ කාර්ය මණඩලය දැනුවත් කිරීම සහ පුහුණු කිරිමේ විශේෂ වැඩමුළුවක් ද මීට සමගාමීව පැවැත්විණ.
මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවේ දිවයින පුරා සේවයේ නියතු කාර්ය මණ්ඩලය සහ මහවැලි උපදේශක කාර්යංශයේ කාර්ය මණ්ඩලයද එක් ව සිටියහ.