
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවෙකු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (23) නියෝග කළා.
සිද්ධියට අදාල ඇප නියෝගය අද දින අධිකරණයේදී කියවා දෙනු ලැබුවා.
එහිදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට මීළඟ නඩු දින අධිකරණයට පහත කරුණු තුන සම්බන්ධයෙන් ලිඛිතව දේශන ඉදිරිපත් කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කළා.
එම නියෝගයේ සඳහන්ව තිබූ පරිදි එම කරුණු තුන පහත පරිදි දක්වා තිබේ.
(1) මෙම අධිකරණයේ අදාළ විමර්ශනයට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින විමර්ශනය ඒකාබද්ධ කර නඩු පැවරීමට හැකිද යන්න තීරණය
(2) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට මෙම නඩුව යොමු කළ හැකිද
(3) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවේ හතරවන සැකකරු ලෙස මෙම සැකකරු අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සහතික කර තිබේද?
යන කරුණු තුනය.