
එයාර් බස් ගුවන්යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අද (23) කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.