
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් මහතාගේ ආරාධනයෙන්, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී , ව්‍යවසායක දිලිත් ජයවීර මහතා තුර්කි තානාපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.
එහිදී වර්තමාන ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය, කලාපීය සහ ගෝලීය වර්ධනයන් මෙන්ම ශ්‍රී ලංකාව හා තුර්කි ජනරජය අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ කරුණු රැසක් සාකච්ඡාවට ලක්ව ඇත.
තවද, ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත් කිරීමේ දැක්ම සාර්ථක කර ගැනීම සඳහා තුර්කි ජනරජයෙන් ලබාගත හැකි සහයෝගය සහ දෙරට අතර ආර්ථික හා සංවර්ධන සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවද අදහස් හුවමාරු වූ බව වාර්තා වේ.
මෙම හමුවට සර්වජන බලය මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා ද සහභාගිව තිබේ.