
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් යෝෂිත රාජපක්ෂට
අයත් පෞද්ගලික බැංකු ගිණුමකට රුපියල් මිලියන 17 ක මුදලක් බැර වීම
සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවේ පූර්ව නඩු
විභාග කටයුතු අද (21) දින හෝමාගම මහාධිකරණ විනිසුරු ක්රිෂාන්ති
අමරතුංග මහත්මිය ඉදිරියේදී පැවැත් වුණා.
විත්තිකාර යෝශිත රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්
මහතා පෙනී සිටිය අතර යෝශිත රාජපක්ෂ මහතා අද අධිකරණය හමුවේ
පෙනී සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාලපුත් යෝෂිත රාජපක්ෂට අයත්
පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17 ක මුදලක් බැර වීම
සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ මෙම නඩුව පවරා ඉකුත් මාර්තු
10 වැනිදා අධි චෝදනා භාරදීම හෝමාගම මහාධිකරණයේදී සිදුවුණා.
එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප
දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා
හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු ක්රීෂාන්ති අමරතුංග මහත්මිය
නියෝග කළා.
එමෙන්ම විදෙස් ගමන් තහනමක් පැනවු අතර සෑම මසකම පළමු ඉරිදා සහ
තුන්වන ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද
නියෝග කලාය.
මීලග නඩු විභාගය අගොස්තු මස 07 දින දක්වා කල් තැබුණා.