
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 27 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීම සිදුවුණා. පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අද (21) කරුණු ඉදිරිපත් කිරිම අවසන් කලා. 27 වැනිදාට වගඋත්තරකරුවන් වෙනුවෙන් මුලික විරෝධතා ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කර සිටියා. ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 27 වැනි දා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළා.