
අග්රාමාත්ය හරිනි අමරසුරිය කොළඹ ප්රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා අද (21) කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන සැකකරුවන් තිදෙනා හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් එදිනට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසට කොම්පඤේවීදිය පොලිසිය වෙත නියෝග කරනු ලැබුවා.
මෙම සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් සහෝදරයන් බවත් ඔවුන් කින්යා ප්රදේශයේ සහ මොල්ලිපතන ප්රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
පොලිසිය සඳහන් කළේ ඔවුන් කොළඹ ප්රදේශයේ සේවය කරන බවට ප්රකාශ කර ඇති බවයි.