එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් ඇන්ඩි බර්නම් මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.
එමෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමෙන් අනතුරුව 'X'ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සිය සුබ පැතුම් එක්කර ඇත.
පොදු අභියෝගයන්ට මුහුණ දීමේදී දෙරට අතර පවතින සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා, දෙරටේම සහ එහි ජනතාවගේ යහපත උදෙසා එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.
පසුගිය දශකය තුළ බ්‍රිතාන්‍යයේ 07 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්නම් ඊයේ (20) සිය ධුරයේ වැඩ භාරගත්තේය.