
තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ, මැයි 18 වැනිදා සිහිකර මුල්ලිවයික්කාල් සම්බන්ධයෙන් සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබේ.
ඒ, මුල්ලිවයික්කාල්හි මතකයන් සදාකාලිකවම හදවතෙහි රැඳී ඇති බවත් මුහුදෙන් එතෙර වෙසෙන දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවත් සඳහන් කරමින්.
"මුල්ලිවයික්කාල්හි මතකයන් අපගේ හදවත් තුළ සදා රැඳෙනු ඇත! මුහුදෙන් එතෙර වෙසෙන අපගේ දෙමළ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සැමවිටම පෙනී සිටිමු"
