
ආසියාන් - එක්සත් ජනපද විශේෂ සමුළුව (ASEAN–United States Special Summit) සඳහා මැනිලා නුවරට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පිලිපීන ජනාධිපති බොන්ග්බොං මාකෝස් (Bongbong Marcos) විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයට එක්කරමින් පිලිපීන ජනාධිපතිවරයා විසින් ට්‍රම්ප්ගේ පැමිණීම පිළිබඳව සටහනක් ද තබා තිබුණි.
ඒ, “ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැනිලා වෙත පිළිගැනීමට ලැබීම සතුටකි” යනුවෙන් සඳහන් කරමින්.
අමෙරිකානු ජනාධිපතිවරයා, සැමවිටම ප්‍රකාශවලට පමණක් සීමා නොවී ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන බවත් එම සටහනෙහි දැක්වේ.
මාර්ගගත වංචා (online scams) මැඩපැවැත්වීම ඇතුළු පියවරයන් රැසක් ගැනීම සඳහා ආසියාන් (ASEAN) සංවිධානය සහ එක්සත් ජනපදය සහයෝගීව කටයුතු කරයි.
ආසියාන් - එක්සත් ජනපද සබඳතාවල 50 වන වසරේදී, ජනතාවගේ යහපත උදෙසා මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් වෙළෙඳාම, ආයෝජන, තාක්ෂණය සහ ආරක්ෂාව යන ක්ෂේත්රයන්හි එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පිලිපීන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.