
රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස 2024-12-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා එකී කමිටුව වෙත යොමු කර ඇති ඉල්ලීම් පිළිබඳව 2026-02-12 දින පැවති එම කමිටු රැස්වීමේදී සලකා බලා, ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ අනුව , පහත සඳහන් බඳවාගැනීම් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය -300
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය-67
ආරක්ෂක අමාත්‍යාංශය-9,794
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය-112
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය- 121
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය-02
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය-1,915
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය-66
කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය-60
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය-776
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය-201
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය-214
මුළු සංඛ්‍යාව - 15,839
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යාංශය-15
පරිසර අමාත්‍යාංශය-213
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය-06
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය-03
කම්කරු අමාත්‍යාංශය-01
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය- 09
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය-339
බලශක්ති අමාත්‍යාංශය- 01
වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන -50
නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය-10
මධ්‍යම පළාත් සභාව-22
සබරගමුව පළාත් සභාව-236
වයඹ පළාත් සභාව-401
උතුරු මැද පළාත් සභාව-66
නැගෙනහිර පළාත් සභාව-282
ඌව පළාත් සභාව-146
උතුරු පළාත් සභාව-411