
ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' නෞකාව ගිල්වා දැමීම පිටුපස ඇමරිකානු හමුදා මෙහෙයුමක් පවතින බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් අනාවරණය කර තිබේ.
පෙන්ටගනයේ පැවති මාධ්‍ය හමුවකදී හෙග්සෙත් සඳහන් කළේ ඉරාන නාවික හමුදාව විනාශ කිරීමේ 'Operation Epic Fury' මෙහෙයුමේ කොටසක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, මෙම ප්‍රහාරය ඇමරිකානු සබ්මැරීනයක් මගින් දියත් කරන ලද ප්රහාරයකි.
ගාල්ල වරායට සැතපුම් 40ක් නුදුරින් මෙම නෞකාව ගිලී ගිය අතර, එහි සිටි 30කට අධික පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදා ගන්නා ලදී.
කෙසේ වෙතත්, නෞකාවේ සිටි තවත් 100කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවත්, නාවික හමුදාව විසින් මේ වන විට මළ සිරුරු කිහිපයක් සොයාගෙන ඇති බවත් වාර්තා වේ.
"ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා" යන ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මත මෙම ප්‍රහාර එල්ල කරන බව හෙග්සෙත් අවධාරණය කළේය.
මෙය ඇමරිකාවට සහ ලෝක නාවික ගමනාගමනයට එල්ල වන තර්ජන වැළැක්වීමේ පියවරක් බව ඔහු පවසයි.