
අනතුරට පත් ඉරාන නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත ලැබුණේ ආපදා තත්ත්ව පණිවිඩයක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසනවා.
නෞකාව අනතුරට පත්වීම පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.
යාත්‍රාවේ සිටි ගණන නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් නිවැරදි සංඛ්‍යාලේඛන දිවි ගලවා ගත් පුද්ගලයින්ගෙන් අනාවරණය කර ගත යුතු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
මෙම අනතුර සම්බන්ධයෙන් විදෙස් වාර්තා උපුටා දක්වමින්, මාධ්‍යවේදීන් විමසා සිටියේ නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වූයේද යන්නයි.
ඊට පිළිතුරු වශයෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ, එම ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන බවත්, අනතුර සිදුවූ ආකාරය පිළිබඳව අනාවරණය කර ගැනීමට විශේෂඥ සහ තාක්ෂණික විමර්ශනයක් සිදු කිරීමට අවශ්‍ය වන බවයි.
"මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදිරියේදීයි."
අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි. ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තමයි ඉදිරි විස්තර කියන්න පුළුවන්."