
එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත එල්ල වූ ඉරාන ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දැඩි කණගාටුව පළ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනපතිවරයා සඳහන් කළේ, UAE වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් දුරකථන මාර්ගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති (Mohamed bin Zayed Al Nahyan) හට තමන් සිය කණගාටුව ප්‍රකාශ කළ බවයි.
එහිදී සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබා දෙන බවටත් ජනාධිපතිවරයා UAE ජනපති වෙත සහතික වී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව සිටින බවත් හැකි ඕනෑම ආකාරයකින් සහාය වීමට සූදානම් බවටත් ජනාධිපති සිය ඇමතුමේදී ප්‍රකාශ කර තිබේ.