පෘතුගාල පාර්ලිමේන්තුව විසින් බුර්කා තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් අනුමත කර තිබෙනවා.
කෙසේ නමුත්, මෙය තවමත් නීතියක් බවට පත් වී නොමැති බව සඳහන්.
දක්ෂිණාංශික 'Chega' පක්ෂය විසින් යෝජනා කරන ලද මෙම පනත් කෙටුම්පතට පෘතුගාල පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති අතර, එමඟින් ඉලක්ක කෙරෙන්නේ ආගමික හෝ ස්ත්රී පුරුෂ හේතූන් මත මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීමයි.
මෙම පියවර මඟින් බුර්කා (සම්පූර්ණ ශරීරය සහ මුහුණ ආවරණය කරන) සහ නිකාබ් (ඇස් වටා ඇති ප්රදේශය හැර මුහුණ ආවරණය කරන) වැනි මුස්ලිම් කාන්තාවන් විසින් පළඳින මුහුණු ආවරණ ඉලක්ක කෙරේ.
කෙසේ නමුත් මෙම පනත් කෙටුම්පත තවමත්, ජනාධිපති Marcelo Rebelo de Sousa විසින් අනුමත කළ යුතුව ඇත.
මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වුවහොත්, මුහුණු ආවරණ පැළඳ සිටින අයට යුරෝ 200 ත් 4,000 ත් අතර දඩ නියම කිරීමටක ද විධිවිධාන සලසා ඇත.
එමෙන්ම ගුවන් යානා, රාජ්ය තාන්ත්රික පරිශ්ර සහ පූජනීය ස්ථාන තුළ මුහුණු ආවරණ තවමත් පැළඳීමට අවසර ලැබෙනු ඇති.
මෙම පනත නීතියක් බවට පත් වුවහොත්, ඔස්ට්රියාව, ප්රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය වැනි රටවල් සමඟ පෘතුගාලය ද සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් මුහුණු ආවරණ තහනම් කළ යුරෝපීය රටවල් අතරට එක් වනු ඇත.