චීන හමුදාවේ ඉහළම තලයේ ජෙනරාල්වරුන් නව දෙනෙකු සේවයෙන් නෙරපා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මතුව ඇති සැකයක් ඊට හේතුව ඇති බව සඳහන්.
දූෂණ විරෝධී මෙහෙයුමක කොටසක් ලෙස මෙය හුවා දැක්වුවද, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ එය දේශපාලන පවිත්‍ර කිරීමක් ලෙස ද දැකිය හැකි බවයි.
මෙලෙස නෙරපා ඇති නවදෙනාට 'හේ වයිඩොං' නම් චීන මධ්‍යම හමුදා කොමිසමේ (CMC) උප සභාපති ද ඇතුළත්.
ඔහු ජනාධිපති ෂී ජින්පින්ට පසුව, චීන හමුදාවේ දෙවන ඉහළම නිලය දරන නිලධාරියා ලෙස වඩාත් කැපී පෙනේ.
'හේ වයිඩොං' අවසන් වරට ප්‍රසිද්ධියේ දක්නට ලැබී ඇත්තේ ඉකුත් මාර්තු මාසයේදී වන අතර, ඔහු යම් විමර්ශනයට ලක්ව ඇති බවට එවකට පටන් ම යම් යම් අනුමානයන් පැවතිණ.
ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ඉහළම තීරණ ගැනීමේ ආයතනය වන දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකු ද විය.
මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ, මෙම පුද්ගලයින් නව දෙනා "පක්ෂ විනය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.