ඇෆ්ගනිස්තානයට එල්ල කළ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනායි. ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් සඳහන්.
ප්‍රහාරය එල්ලව ඇත්තේ, පක්ටිකා නම් ප්‍රදේශයට වන අතර ක්‍රීඩකයින් තිදෙනා ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණෙන අතරතුරදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ප්‍රහාරය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන නායක රෂීඩ් ඛාන් සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් සඳහන් කර ඇත්තේ, අහිමි වූ ජීවිත ගැන තමන් අතිශයින් කණගාටු වන බවයි.