බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම ලබා දිය යුතු බව එරට නීතිපතිවරුන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතාවලට මාරාන්තික මර්දනයක් දියත් කිරීම හේතුවෙන් හිටපු අගමැතිනියට මරණ දඬුවම ලබා දිය යුතු බවයි.
ශිෂ්‍ය විරෝධතා උත්සන්න වනවාත් සමඟ, ධුරය අතහැර ෂෙයික් හසීනා අසල්වැසි ඉන්දියාවට පලා ගිය අතර, මේ වනවිට ඇය ඉන්දියාවේ රැකවරණය ලැබ සිටියි.
විරෝධතා උත්සන්නවත්ම, විරෝධතාකරුවන්ට එරෙහිව "අවි භාවිතා කරන ලෙස" ඇය ආරක්ෂක හමුදාවන්ට නියෝග කරන ලද හඬපටයක් ද මේ වන විට නිකුත්ව ඇති නමුත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.
හසීනාගේ වසර 15ක පාලනය අවසන් කළ සති ගණනක නොසන්සුන්තාවයෙන් 1,400ක් දක්වා පිරිසක් අවසන් ගමන් යන ලදී.
1971 නිදහස් යුද්ධයෙන් පසු බංග්ලාදේශයේ උද්ගත දරුණුතම ප්රචණ්ඩත්වය එයයි.
ඒ අනුව, බංග්ලාදේශ නඩු පවරන්නන් පෙන්වා දෙන්නේ හසීනා ජීවිත 1,400කට වගකිව යුතු බැවින්, අවම වශයෙන් ඇයට ඒ එක් අයෙකු වෙනුවෙන් හෝ මරණ දඬුවම ලබාදිය යුතු බවයි.