
පූජ්ය උලපනේ සුමංගලහිමි ඇතුළු 54 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රයේ රැඳී සිටීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මීට ටික වේලාවකට පෙර ආඥාවක් නිකුත් කළේ ය. ඒ පොලීසිය කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.
ජනාධිපති ලේකම් කාර්යාලය ඇත්තේ අධි ආරක්ෂිත කලාපයක වන හෙයින් වහාම එම ස්ථානයෙන් ඉවත්වන ලෙස උද්ඝෝෂකයින්ට අධිකරණය වැඩිදුරටත් නියම කර ඇත.
කොටුව පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා එලෙස නියම කර ඇත.
කොටුව පොලිසියේ නිලධාරීන් මෙම උද්ඝෝෂකයෙන් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුල්වන දොරටුව අවහිර කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂකයින් පිරිසක් උද්ඝෝෂණය නිරත වන බව දැනුම් දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති බවත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් එම ප්රදේශයට දැඩි තර්ජන සහ බාධා එල්ල වී ඇති බවත් දැනුම් දුන් පොලිසිය උද්ඝෝෂකයින්ට අදාළ ස්ථානයෙන් ඉවත්වන ලෙස නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු පිළිගත් මහේස්ත්රාත්වරයා උද්ඝෝෂකයින්ට අදාළ නියෝගය නිකුත් කළේය.