
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්රමුඛ, සර්වජන බලයේ මැදිහත්වීමෙන් අද (14) අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනගත කිරීම සිදුවිය.
ඒ, පැපිලියාන සුනේත්‍රා දේවි පිරිවෙන් ආයතනයේදීයි.
මෙම කටයුත්ත සඳහා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ආරාධනයට අනුව ජ්‍යෝතිර්වේදීන් 17 දෙනෙකු අද සුනේත්‍රා මහාදේවි පිරිවෙනට පැමිණ සාකච්ඡා සිදුකර තිබේ.
ඒ අනුව සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කිරීමට පියවර ගත් බව සඳහන්.
රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවීමට රජය කඩිනම් පියවර නොගන්නේනම් සිය පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුව සකස් කරදෙන බවට සර්වජන බලය මීට පෙර සඳහන් කරන ලදී.