
නීති විරෝධී අන්දමින් උපයා ගත් දේපල සමග කාන්තාවක් මධ්‍යම
අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද මුදලින් දේපළ හා වත්කම්
මිලදී ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මධ්‍යම අපරාධ විමර්ශන
කාර්යංශය විමර්ශනයක් ආරම්බ කරනු ලැබුවා.
මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් අයථා ලෙස වත්කම් උපයාගෙන ඇති බවට
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් හෙලිකර ගත් තොරතුරුවලට
අනුව ඊයේ (13) රාත්‍රී පානදුර, මහවිල ප්‍රදේශයේදී නිවසක් වටලා සෝදිසි
කර එම නිවසේ තිබූ උපයාගත් ආකාරය සනාථ කල නොහැකි මුදල් සහ
දේපළ සමඟ මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදි මුදලින් රුපියල් 9,78,060.00 (නවලක්ෂ හැත්තෑ අට දහස් හැටක්)
රන් පැහැති වළලු 02 ක්,රන් පැහැති සුර 02 ක්,පෙන්ඩනයක් සහිත රන්
මාලයක්, රන් මුදුවක් සහරන් අත් පළඳනා 02 ක් පොලිසිය භාරයට ගෙන
තිබෙනවා.
මීට අමතරව කැරවන් වර්ගයේ වෑන් රථයක්ද පොලිසියට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය වයස අවුරුදු 55 ක් වන පානදුර මහවිල,
ප්‍රදේශයේම පදිංචිකාරිනියකි.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.