
මෙරට හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සංකල්පයකට අනුව, දිවයිනේ සෑම ප්‍රදේශයකම වේගපන්දු යැවීමට සමත් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පළමු අදියර අද (මාර්තු 14) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවකු වන සනත් ජයසූරිය, හිටපු වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් වැනි ප්‍රබලයින් රැසක් සහභාගීව සිටියා.
මෙම ක්‍රියාවලියේ පළවන අදියරේ දී, වයස අවුරුදු 17-22 අතර වේග පන්දු යවන 300 දෙනෙකුට අවස්තාව ලබාදීමට බලාපොරොත්තු වන අතර එය දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි විනිවිදභාවයකින් යුක්තව සිදුකෙරෙනු ඇති.
මෙහි විශේෂත්වය වන්නේ, අයදුම්කරුවන් ලෙදර් පන්දු ක්‍රීඩා කර තිබීම අනිවාර්ය සාධයක් නොවීමයි.
රට නියෝජනය කිරීමට සුදුසු දක්ෂ ක්‍රීඩකයින් දායාද කිරීම, තමන්ගේ මෙම වෑයමේ අරමුණ වන බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කළේ.