
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවන්ට අනුව, මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 80,905ක් වන අතර, ජූලි මාසයේ ඊයේ (24) දින දක්වා පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,530කි.
දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි රෝගීන් 17,135ක් වාර්තා වී ඇත.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,140ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,574ක් හඳුනාගෙන තිබේ. පළාත් අනුව සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 42,835ක් වාර්තා වී ඇති අතර, දකුණු පළාතෙන් රෝගීන් 12,260ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,924ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.