
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය අවස්ථාවේදී, ඇය සමඟ ගමන් ගත් තරුණිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර කිහිපයක් සංසරණය වෙමින් පවතිනවා.
අදාළ තරුණිය අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික සූපවේදිනියක්, ඇයගේ පුතෙකු හෝ ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක වන තරුෂි කරුණාරත්න බවටයි ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබුණේ.
නමුත් මේ සම්බන්ධයෙන් Fact Crescendo Sri Lanka ආයතනය මගින් සිදුකරන ලද තොරතුරු සත්‍යාපනය කිරීමේදී තහවුරු වී ඇත්තේ එම තරුණිය වෘත්තීය ප්‍රභූ ආරක්ෂක නිලධාරිනියක වන කාන්තා උප පොලිස් පරීක්ෂක U.U.M.H.A. විජේබණ්ඩාර මහත්මිය වන බවයි.
2017 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්ව ඇති ඇය, 2020 වසරේ සිට අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ (PMSD) රාජකාරි කරමින් හිටපු අග්‍රාමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරක්ෂාව සඳහා ද කටයුතු කර තිබෙනවා.