
දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් වාර්තා වූ මරණ ගණන 474 දක්වා ඉහළ ගොස් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර තිබෙනවා.
අතුරුදන් වූවන් ගණන 356කි.
වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 118කි. මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන් ගණන 171කි.
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන මරණ ගණන 89ක් වන අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක් වාර්තා වේ.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 53ක් වාර්තා වී ඇති අතර ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 29ක් වාර්තා වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව, ආපදාවට ලත් පවුල් ගණන 448,817කි. ආපදාවට ලත් පුද්ගලයින් ගණන 1,586,329ක් වේ.