
ඇල්ජීරියාවේ අගනුවර පිහිටි ආබාධිත පුද්ගලයින් සඳහා වන, සුරැකුම් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් එකොළොස් දෙනෙකු (11) ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්නෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇති බවත් සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න හටගෙන පැය තුනකට වඩා වැඩි කාලයක් ගතවීමෙන් පසුවත්, ගින්න නිවා දැමීම අසීරුව ඇති බවයි.
ඒ අනුව ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් සහ ගිලන් රථ 16ක් සිද්ධිය වූ ස්ථානයට යොදවා ඇති බව සඳහන්.
ඇල්ජීරියාව සති කිහිපයක සිට දැඩි උණුසුම් කාලගුණයකට මුහුණ දී සිටින අතර, සතියක් වැනි කෙටි කාලයක් තුළ ගිනි ගැනීම් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.