
ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තර විලාසිතා වේදිකාවේ ඉහළින් ඔසවා තබමින්, එලීනා ගුණවර්ධන (Elina G) 'Victoria’s Secret' ඉතිහාසයට එක්ව තිබෙනවා.
ඒ, ඇය ලොව ප්‍රකට 'Victoria’s Secret Fashion Show' හි, නිරූපණයෙන් දායක වූ පළමු ශ්‍රී ලාංකික නිරූපණ ශිල්පිනිය බවට පත්වෙමින්.
මෙම සුවිශේෂී විලාසිතා දැක්ම පසුගිය ඔක්තෝබර් 18 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණා.
ඒ, Gigi Hadid, Bella Hadid, Adriana Lima, Alessandra Ambrosio, Irina Shayk, Ashley Graham, Anok Yai, Paloma Elsesser, Barbara Palvin, Alex Consani, Kylie Jenner ඇතුළු ලොව ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර සුපිරි නිරූපණ ශිල්පිනියන් සහ ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන්.
ලොව පුරා දැඩි අවධානයට ලක්වන මෙම ජාත්‍යන්තර විලාසිතා වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එලීනා ගුණවර්ධනට ලැබුණු මෙම අවස්ථාව, මෙරට නිරූපණ ක්ෂේත්රයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දැක්විය හැකිය.