
ප්‍රකට හොලිවුඩ් තරුවක් වන කයිලි ජෙනර් (Kylie Jenner) ඩොලර් මිලියන 50ක් වටිනා ‘ෆැන්ටසි බ්‍රා’ (Fantasy Bra) එකක් පැළඳ වික්ටෝරියාස් සීක්රට් (Victoria’s Secret) විලාසිතා දැක්මට එක්වීම, මේ වන විට මහත් කතාබහට ලක්ව තිබේ.
ඇය මෙලෙස, ඩොලර් මිලියන 50ක් වටිනා ‘ෆැන්ටසි බ්‍රා’ එකක් පැළඳ සනිටුහන් කළේ, සිය මංගල 'Victoria’s Secret' වේදිකා ආගමනයයි.
කෙසේ වෙතත්, ඇයගේ මෙම ප්‍රදර්ශනය මේ වන විට බොහෝ විවේචනයන්ට ද ලක්ව තිබේ.
මෙම සුවිශේෂී විලාසිතා දැක්ම පසුගිය ඔක්තෝබර් 18 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්විණ.
ඊට කයිලි සැරසුණු 'Fantasy Bra' විලාසිතාව ඩොලර් මිලියන 22ක් වටිනා කහ දියමන්තියක් කේන්ද්‍ර කරගනිමින්, මුළු ස්වභාවික දියමන්ති 4,410කින් අලංකාර කරන ලද්දකි.
වසර ගණනාවක් තිස්සේ මෙම විලාසිතා දැක්මේ ප්‍රධානතම අංගය වූ 'Fantasy Bra' පැළඳීමට තේරී පත්වීම, අදාළ නිරූපණ ශිල්පිනියට ලැබෙන ගෞරවයක් සහ ඇගේ වෘත්තීය දිවියේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
කර්ඩෑෂියන් (Kardashians) පවුලේ තාරකාව වන කයිලි ජෙනර්, මෙම අංගය සඳහා තේරී පත්වීම ඇතැම් රසිකයින්ගේ පැසසුමට ලක්වූ නමුත්, ප්‍රවීණ සුපිරි නිරූපණ ශිල්පිනියකට මෙම අවස්ථාව නොදීම ගැන තවත් බොහෝදෙනෙක් වික්ටෝරියාස් සීක්රට් ආයතනය විවේචනය කරමින් සිටියි.
සමාජ මාධ්‍ය සහ අලෙවිකරණ විශේෂඥ ජොයෙල් මාර්ලිනාර්සන් (Joel Marlinarson) පවසන්නේ, මෙම මොහොත ඉතා සැලසුම් සහගතව සිදු කළ එකක් බවත්, නිරූපණ ක්ෂේත්රයේ සහ සමාජ මාධ්‍යවල අනාගතය පිළිබඳව සංවාදයක් ඇති කිරීමට එය සමත් වූ බවත්ය.
"සාම්ප්‍රදායික නිරූපණ ශිල්පිනියකගේ රාමුවට ගැලපෙන අයෙකුට වඩා, වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත හැකි පුද්ගලයින්ට මුල් තැන දෙන නූතන ප්‍රසිද්ධ පුද්ගල සංස්කෘතිය (new era of celebrity) කයිලි විසින් නිරූපණය කරනවා" යන්න ඔහුගේ අදහසයි.
වික්ටෝරියාස් සීක්රට් හි 'ඇඩම් සෙල්මන්' (Adam Selman) Vogue සඟරාවට පවසා තිබුණේ කයිලි ජෙනර් යනු විලාසිතා සහ සංස්කෘතිය අභිබවා ගිය බලපෑම්කාරී චරිතයක් (cultural powerhouse) නිසා ඇයව තෝරාගත් බවයි.
2018 වසරෙන් පසු විවිධ විවේචන සහ අඩු ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් නතර කර තිබූ මෙම විලාසිතා දැක්ම, 2024 දී නැවත ආරම්භ කරන ලද්දේ සියලුම කාන්තාවන් සැමරීමේ සහ විවිධත්වයට ඉඩදීමේ තේමාව යටතේය.
මෙවර 'Fantasy Bra' නිර්මාණය කර ඇත්තේ Jacob & Co ආභරණ ආයතනය හා එක්ව වන අතර, ශිල්පීන් 15 දෙනෙකු විසින් සාදන ලද මෙය, ඉතිහාසයේ නිර්මාණය වූ වටිනාම Fantasy Bra එක ලෙස හඳුන්වා දෙයි.