
ඉන්දියානු ජනප්‍රිය සිනමා නිළි පූජා හෙග්ඩේ (Pooja Hegde) කෙටි සංචාරයක් සඳහා අද (නොවැම්බර් 10) පස්වරුවේ මෙරටට පැමිණියා.
මෙම සංචාරයේදී ඇය කොළඹ පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමට නියමිතයි.
ඇය අද පස්වරු 02.02 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට, ඉන්ඩිගෝ ගුවන් සේවයේ ඊ.- 1181 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
පූජා හෙග්ඩේ හමුවීම සඳහා ලියාපදිංචි වී ඇති රසික රසිකාවියන්ට හෙට (නොවැම්බර් 11) දින ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ කළමනාකරුවන් අවස්ථාව සලසා දී තිබේ.
පූජා හෙග්ඩේ, ප්රමුඛ පෙළේ ඉන්දියානු රංගන ශිල්පිනියක සහ නිරූපිකාවකි.
ඇය ප්‍රධාන වශයෙන් තෙළිඟු, හින්දි සහ දමිළ සිනමාවේ කැපීපෙනේ. එමෙන්ම ඇය දකුණු ඉන්දියානු සිනමාවේ වැඩිම වැටුප් ලබන නිළියන් අතර ද වේ.