
ඉරානයේ බුද්ධි අංශ අමාත්‍ය ඉස්මයිල් ඛාතිබ් (Esmail Khatib) ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් (Israel Katz) විසින් ප්‍රකාශ කර තිබේ.
කැට්ස් පවසන්නේ ඊයේ රාත්‍රියේ (මාර්තු 17) එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන බුද්ධි අංශ ප්‍රධානියා මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.
කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉරාන රජය හෝ එරට ආරක්ෂක අංශ මේ දක්වා කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
ඊයේ දිනයේදී ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි සහ බසීජ් නායක සොලෙයිමානි ඝාතනය වූ බවට පළ වූ වාර්තාවලින් පසුව, බුද්ධි අංශ අමාත්‍යවරයා ද මෙලෙස ඉලක්ක වීම ඉරාන පාලන තන්ත්රයේ ඉහළ පෙළේ නායකත්වයට එල්ල වූ තවත් ප්‍රබල පහරක් ලෙස සැලකේ.