හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් 6 දෙනාට අද (21) දින කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී අධි චෝදනා භාරදෙනු ලැබුවා.
ඒ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61,46,110ක (රුපියල් හැට එක් ලක්ෂ හතලිස් හය දහස් එකසිය දහයක) මුදලක් 2014 වසරේ දෙසැම්බර් සහ 2015 ජනවාරි මාසය අතර කාලයේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර, ගංවතුර සහනාධාර සඳහා වැය කිරීමෙන් එකී මුදල් සාවද්‍ය සාපරාධී පරිහරණය ඇතුළු අධිචෝදනා පහක් යටතේයි.
එම නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් 6 දෙනා, එකී අධි චෝදනා භාරදීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ එක බැගින් වූ මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියමකර ඇප මත මුදාහැරීමට ද විනිසුරුවරයා නියෝග කළා.
එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තොම්බර් 01 වනදින ආරම්භ කිරීමට ද විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.
මෙම විත්තිකරුවන් 6 දෙනාම අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි නියෝග හමුවේ අද දින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.