
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ හමුව (Spring Meetings) වොෂින්ටන් නුවරදී ආරම්භ වී ඇති අතර, එහිදී ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධය ගෝලීය ආර්ථිකයට කෙතරම් බලපෑමක් එල්ල කරනු ඇත්ද යන්න පිළිබඳ පුරෝකථනයක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, ලෝක ආර්ථිකයට සිදුවිය යුතු හානිය දැනටමත් සිදුවී අවසන් බවයි.
යුද්ධය අද දිනයේ නතර වුවද, ආර්ථික වර්ධනයේ මන්දගාමී වනු ඇති බවත් ඔවුන් අවධාරණය කරයි.
කෙසේ නමුත් තත්ත්වය තවදුරටත් පැවතුණහොත්, මේ වසරේ ආර්ථික වර්ධනය 2% දක්වා මන්දගාමී වනු ඇති අතර, ලබන වසරේ උද්ධමනය 6% කට වඩා වැඩි විය හැකි බවත් ඔවුන් සඳහන් කරයි.
මෙම තත්ත්වය එක් එක් රටවලට දැනෙන ආකාරය වෙනස් වනු ඇති නමුත්, කලාපයේ තෙල් නිෂ්පාදනය කරන රටවලට මෙයින් දරුණු බලපෑමක් එල්ල වනු ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙහි බලපෑම බෙහෙවින් දැනෙනු ඇති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.