
නැවත දැනුම් දෙනතුරු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව් සඳහා ඉන්දීය නාවිකයන් සේවයේ යෙදවීමෙන් වළකින ලෙස ඉන්දියාවේ නාවික කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලය විසින් නැව් හිමියන්ට, නැව් කළමනාකරුවන්ට සහ බඳවා ගැනීමේ සමාගම්වලට දැනුම් දී තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මේ සතියේ හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට ප්‍රදේශයේදී නැව් දෙකකට එල්ල වූ ඉරාන ප්‍රහාරවලින් ඉන්දීය නාවිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.
"පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින දැඩි ආරක්ෂක අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම කලාපයේ ධාවනය වන නැව්වල සේවය කරන ඉන්දීය නාවිකයන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වඩාත් දැඩි පූර්ව ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීම අවශ්‍ය බව මෙම අධ්යක්ෂ මණ්ඩලය සලකනු ලබයි" යනුවෙන් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පසුගිය මාසයේ ප්‍රකාශ කළේ, ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මේ දක්වා හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ ප්‍රහාරවලින් අවම වශයෙන් නාවිකයන් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.
ජූනි 9 වැනිදා ඕමාන් වෙරළට ඔබ්බෙන් වූ 'Settebello' තෙල් නැවට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකින් මියගිය ඉන්දීය කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා ද ඊට ඇතුළත් වේ.