
කේට් මිඩ්ල්ටන් සිය ඉන්දීය රාජකීය සංචාරයේදී මව්වරුන්ට සහ ළදරුවන්ට ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ.
44 හැවිරිදි වේල්ස්හි කුමරිය අද (නොවැම්බර් 18) සිය සැමියා වන විලියම් කුමරු නොමැතිව මුම්බායි හි නව්රෝස්ජි වාඩියා මාතෘ රෝහලේ (Mumbai’s Nowrosjee Wadia Maternity Hospital) සංචාරයක නිරතව තිබුණි.
එහිදී සෞඛ්‍ය වෘත්තිකයන් කාන්තාවන්ට, අලුත උපන් බිළිඳුන්ට සහ පවුල්වලට සහාය වන ආකාරය පිළිබඳව ඇයගේ අවදානයට ලක්ව තිබේ.
රාජකීය යුවළගේ තෙදින සංචාරයේ අවසන් දිනයේදී මෙම සුවිශේෂී තනි සංචාරය සිදුවිය.
කේට් කුමරියගේ කාර්යාල ප්‍රකාශකයෙකු මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබුණේ, මාතෘ සෞඛ්‍යය පිළිබඳ ඉන්දියාවේ ප්‍රවේශය සහ දරුවන්ට ජීවිතයේ හොඳම ආරම්භය ලබා දීමට උපකාරී වන රැකවරණය පිළිබඳව ඇය මෙහිදී උනන්දු වූ බවයි.
1926 දී විවෘත කරන ලද නව්රෝස්ජි වාඩියා මාතෘ රෝහල, විවිධ සමාජ-ආර්ථික පසුබිම්වල කාන්තාවන්ට දැරිය හැකි මිලකට සෞඛ්‍ය සේවා සැපයීමේ දිගු ඉතිහාසයක් ඇති ආයතනයකි.
ජීවිතයේ විවිධ අවධීන්හිදී කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම රෝහල ප්‍රසව, නවජ සහ නාරිවේද සත්කාර සඳහා විශේෂීකරණය වී ඇත.
ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී සහ දරුවෙකුගේ සංවර්ධනයේ මුල්ම අවධීන්හිදී රැකවරණය සහ සහාය ලබා දීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සහ දෙමාපියන්ගෙන් සෘජුවම අසා දැන ගැනීමට මෙම සංචාරය කේට් කුමරියට අවස්ථාව ලබාදී තිබේ.