
ජපානයේ නිරිතදිග දූපත් කලාපයට අයත් කගෝෂීමා (Kagoshima) සහ ඔකිනාවා (Okinawa) ප්‍රදේශවලට අද (මැයි 20 බදාදා) භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විදෙස් වාර්තාවන්ට අනුව එහි ප්‍රබලත්වය සටහන් වන්නේ, රිච්ටර් මාපකයේ 5.9ක් ලෙසයි.
භූමිකම්පාවෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය තහවුරු කර තිබේ.
භූමිකම්පාව හේතුවෙන් මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව සඳහන්.