
ඇමරිකානු රාජ්ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio), තම පුත්රයාගේ පාපන්දු ක්රීඩා නැරඹීම සඳහා ෆ්ලොරිඩාවේ ගේන්ස්විල් (Gainesville, Florida) වෙත නිතර සිදු කරන සංචාරයන් සම්බන්ධයෙන් දැඩි මතභේදයකට මුහුණ දෙමින් සිටියි.
'වොෂින්ටන් පෝස්ට්' (Washington Post) සිදු කළ විමර්ශනයකින් හෙළි වී ඇත්තේ රූබියෝ හමුදා ගුවන් යානාවලින් ගේන්ස්විල් වෙත ගිය මුළු ගමන් 23න් 15ක්ම "පෞද්ගලික" සංචාර වන බවත්ය.
ආරක්ෂක ලේකම්වරයා මෙන්ම FBI සහ CIA අධ්යක්ෂවරුන්ටද අදාළ වන ආරක්ෂක නීතිරීති හේතුවෙන් රූබියෝට වාණිජ ගුවන් යානාවල ගමන් කිරීම තහනම් කර ඇතත්, ඔහු රජයේ ප්රවාහන පහසුකම් භාවිතා කිරීම "ඔහුට පෙර සිටි නිලධාරීන්ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව" වොෂින්ටන් පෝස්ට් වාර්තා පෙන්වා දෙයි.
විවිධ වර්ගයේ හමුදා ගුවන් යානා සඳහා පැයකට වැය වන පිරිවැය දැක්වෙන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්රකාශිත ගාස්තු උපයෝගී කර ගනිමින් වොෂින්ටන් පෝස්ට් ගණනය කර ඇත්තේ, මෙම ගුවන් ගමන් සඳහා පමණක් ඩොලර් මිලියන 1.2කට වඩා වැඩි මුදලක් වැය වී ඇති බවයි.
කෙසේ නමුත් පෞද්ගලික සංචාර සඳහා රජයට මුදල් ආපසු ගෙවන බව පවසමින් රූබියෝ මෙම ගමන් සාධාරණීකරණය කර ඇති බව වාර්තා වේ.