ලොවම මහත් උද්යෝගයෙන් බලාසිටි Miss Grand International 2025 කිරුළ දිනාගැනීමට, පිලිපීනයේ එමා මේරි ටිග්ලාඕ (Emma Mary Tiglao) සමත් වුණා.
ඒ, ඊයේ (ඔක්තෝබර් 18) තායිලන්තයේ බැංකොක් හිදී පැවති MGI අවසන් මහා තරග රාත්රියේදීයි.
මෙවර තරගය පැවතියේ, එහි 13 වන සංස්කරණය ලෙසයි.
ඊයේ පැවති අවසන් මහා තරග රාත්රිය වඩාත් සුවිශේෂී එකකි. ඊට හේතුව නම්, එමාගේ හිස කිරුළ පැළඳවූයේ ගියවර (2024) ජයග්රාහිකාව වූ පිලිපීනයේ ක්රිස්ටින් ජූලියන් ඔපියාසා (Christine Juliane Opiaza) විසින් වීමයි.
ඒ අනුව මෙය Miss Grand ඉතිහාසයේ පළමුවරට, එක් රටක් විසින් පිට පිට ශූරතාව දිනාගැනීමක් ද වෙයි.
තරගයේ අනෙකුත් ස්ථාන මෙලෙස බෙදී ගොස් තිබුණා.
1st Runner-up
Thailand | Sarunrat Puagpipat
2nd Runner-up
Spain | Aitana Carolina Jimenez
3rd Runner-up
Ghana | Faith Maria Porter
4th Runner-up
Venezuela | Nariman Battikha
And 5th Runners-up are
Colombia | Laura Ramos
Czech Republic | Marketa Morwickova
Guatemala | Ana Lendl
Mexico | Montserrat Villalva
Tanzania | Beatrice Alex Akyoo
රටවල් 77ක තරගකාරිනියන් කිරුළ උදෙසා තරග කළ අතර, ඊට ලංකාව නියෝජනයෙන් එක්වූයේ ටිෂානි පෙරේරායි.