
ඊයේ (04) රාත්රියේ ශ්රී ලාංකේය නව රූ රැජින (Miss World Sri Lanka 2025) ප්රකාශයට පත්කෙරුණා.
ඒ අනුව නව ජයග්රාහිකාව ලෙසින් කිරුළු පැළඳියේ ප්රතිභා ලියනාරච්චි විසිනි.
පෙර ජයග්රාහිකාව වූ අනුදි ගුණසේකරගේ අතින්, ප්රතිභාගේ හිස කිරුළු පළඳවනු ලැබුවා.
ඇය මීළඟ ලෝක රූ රැජින තරගයේදී (Miss World 2026) ශ්රී ලංකාව නියෝජනය කරනු ඇති.
2026 වසරේ ලෝක රූ රැජින තරගය පැවැත්වෙන්නේ, එහි 73 වන සංස්කරණය ලෙසයි.
එහිදී වත්මන් ලෝක රූ රැජින, තායිලන්තයේ Suchata Chuangsri විසින් නව අනුප්රාප්තිකයාට කිරුළු පළඳවනු ඇති.