
ට්රම්ප් විසින් ප්රකාශයට පත් කරන ලද ඊශ්රායල - ලෙබනන සාකච්ඡා පිළිබඳ තොරතුරු නොමැති බව Al Jazeera පුවත් සේවය වාර්තා කර තිබෙනවා.
ලෙබනන නිලධාරියෙකු (නිල මූලාශ්රයක්) උපුටා දක්වමින්, Al Jazeera වාර්තා කරන්නේ ලෙබනන සහ ඊශ්රායල නායකයන් අතර සිදුවීමට නියමිත යැයි පැවසෙන දුරකථන සංවාදයක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.
එමෙන්ම ට්රම්ප්ගේ 'X' පණිවුඩ මගින් ඉඟි කර තිබූ ආකාරයට "වොෂින්ටනයේදී පැවැත්වීමට නියමිත තානාපතිවරුන්ගේ දෙවන හමුවක්" පිළිබඳව ද මෙතෙක් කිසිදු අමතර තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.
ඊශ්රායලය සහ ලෙබනනය වසර 34කට පසු ප්රථම වතාවට ඉක්මනින්ම සාකච්ඡා පවත්වනු ඇති බව ජනාධිපති ට්රම්ප් මීට පෙර සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර තිබුණි.
ඔහු එය අරුත් ගන්වා තිබුණේ, සටන් විරාමයක් ලෙස හැඟවෙන ආකාරයටයි.
''ඊශ්රායලය සහ ලෙබනනය අතර යම් "සැනසුම් කාලයක්" (Breathing room) ලබාදීමට උත්සාහ කරමින් සිටිනවා. මෙම රටවල් දෙකේ නායකයන් අවසන් වරට එකිනෙකා සමඟ කතා කර වසර 34ක් වැනි දිගු කාලයක් ගතවී තිබෙනවා. එය හෙට දිනයේදී සිදුවනු ඇත. ඉතා හොඳයි!''
මේ සම්බන්ධයෙන් Al Jazeera පුවත් සේවය පෙන්වා දෙන්නේ, ඇමෙරිකානු පරිපාලනය දැඩි උත්සාහයක නිරත වන්නේ ලෙබනන පෙරමුණ ඉරාන පෙරමුණෙන් වෙන් කිරීමට වන බවයි.
වොෂින්ටනයේ පැවති සම්පූර්ණ හමුවේ අරමුණ වූයේ ද එය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එනම් මෙය හුදෙක් ප්රචාරණ අවස්ථාවක් පමණක් වන බවයි.