
දෙදින රාජ්‍ය සංචාරයක නිරත වන නේපාල අගමැති බාලේන්ද්‍ර ෂා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ අද (නොවැම්බර් 23) ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වෙළඳාම, ප්‍රවාහනය, ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධනය යන ක්ෂේත්රවල ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම එම සාකච්ඡා අතර ප්රමුඛ වූ බවයි.
දෙරටේ අගමැතිවරුන් අතර මෙම හමුව, නවදිල්ලියේ හයිද්‍රාබාද් මන්දිරයේදී සිදුව තිබුණි.
එමෙන්ම මෙහිදී අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය, ක්‍රීඩා, ආපදා කළමනාකරණය සහ මානව සම්පත් සංවර්ධනය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ද විශේෂය.
රාජ්‍ය මට්ටමේ සම්බන්ධතාවලට අමතරව, නේපාලයට ඉන්දීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් 'නේපාල-ඉන්දියා ව්‍යාපාරික සංසදයක්' ද මෙම සංචාරයට ඇතුළත් වේ.
වාණිජ සබඳතා ශක්තිමත් කිරීමට දෙරටේ ව්‍යාපාරික නියෝජිතයින්ට මෙම සංසදය වේදිකාවක් සපයනු ඇති.
නේපාල අග්‍රාමාත්‍යවරයා සමඟ මුදල් අමාත්‍ය ස්වර්ණිම් වාග්ලේ, විදේශ කටයුතු අමාත්‍ය ශිෂිර් ඛනාල්, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශක කුමාර් බ්යංජන්කර් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම සංචාරයට එක්ව සිටියි.
සංචාරයේ පළමු දිනයේදී, ඉන්දියාවේ සිය රාජ්‍ය සංචාරයේ කොටසක් ලෙස නේපාල අග්‍රාමාත්‍යවරයා රාජ් ඝාට් හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් ගෞරව පුද කර තිබුණි.